කහ ශාකයේ උද්භිද විද්‍යාත්මක ලක්ෂණ
කහ
සින්ජිබරේසියේ (Zingiberaceae) කුලයට
අයත් වේ. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය කර්කුමා
ලෝන්ගා (Curcuma
longa L.) ලෙස පළමුවෙන් හැදින්වුවත් 1948 න්
පසුව එය කර්කුමා
ඩොමෙස්ටිකා
(Curcuma domestica L.) හඳුන්වනු ලැබේ. කර්කියුමා
ශාක ගණයේ විශේෂ 70ක් පමණ දැනට හඳුනාගෙන
ඇත. මෙම විශේෂ අතරින් 10 ක් පමණ විවිධ
රටවල සුළු පරිමාණයෙන් වගා කෙරෙන අතර වැඩි ආර්ථික වටිනාකමක් ඇති කර්කුමා
ලෝන්ගා විශේෂය විශාල ලෙස වගා කරනු ලැබේ.
කහ ශාකය භුගත රෛසොමයකින් හා සෙ.මී. 60-90ක් (අඩි 2-3) උසට
වැඩෙන පළල් පත්‍ර සහිත ව්‍යාජ, වායව කඳකින් ද සමන්විත වේ. ව්‍යාජ කඳේ පත්‍ර 6-12 ක
පමණ හට ගනී. පත්‍රයක දිග සෙ.මී. 30 (අඩි 01)ක් පමණ වන අතර තද කොළ පාටය. පත්‍ර වල
අග්‍රස්ථ කෙලවර පාදස්ථ කෙළවරට වඩා පළල්ය. ශල්ක පත්‍ර සහිත භූගත කඳ සත්‍ය කඳ වන අතර
එහි සංචිත ආහාර අඩංගු වේ. ප්‍රධාන භූගත කඳෙන් ශාඛා ලෙස කහ අල හට ගනී. වාණිජව
අස්වැන්න ලෙස ලබා ගන්නේ මෙම අලයි. රෛසොමයේ අභ්‍යන්තර තද තැඹිලි පැහැයේ සිට කහ
පැහැයක් ගන්නා අතර කහ වලට ආවේනික වූ සුවදක් සහ රසයක් ඇත. මාංශලමය වූ මුල් රෛසොමයෙන්
හට ගනී. පුෂ්ප මංජරිය පාදස්ථයෙන් හට ගන්නා අතර පුෂ්ප ලා කහ පාටකින් යුක්ත වේ. ඵලය
ස්පෝටිකාවකි.
No comments:
Post a Comment