සින්ජිබරේසියේ (Zingiberaceae) කුලයටඅයත් වන කහ ශාකය Curcuma longa L.උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. කහ බෝගයේ සම්භවය දකුණු හා ගිණිකොණ දිග ආසියානු රටවල් ලෙස සැලකේ. ලෝකයේ වාර්ෂික සමස්ත කහ නිෂ්පාදනය මෙ. ටොන් 800,000 ක් පමණ වේ. මෙයින් 75% ක් පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දියාවේ වන අතර බංගලාදේශය, පාකිස්තානය, තායිලන්තය, චීනය, මියන්මාරය, ඉන්දුනීසියාව, ජැමෙයිකාව, හයිටි, පේරු සහ ශ්‍රී ලංකාව යන රටවල ද කහ වගා කරනු ලැබේ. කහ අපනයනය කරනු ලබන ප්‍රධාන රටවල් වන්නේ ඉන්දියාව, චීනය, බංගලාදේශය, තායිවානය සහ ජැමෙයිකාවයි. කහ ආනයනය කරනු ලබන ප්‍රධාන රටවල් වන්නේ ඉරානය, මැදපෙරදිග රටවල්, උතුරු සහ දකුණු අප්‍රිකානු රටවල්, යුරෝපා සංගමය, ඇමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ජපානය සහ මැලේසියාවයි.
අහාර පිළියෙළ කිරීමේදී වර්ණකාරකයක් හා කුළුබඩු මිශ්‍රණවල සංඝටකයක් ලෙසත් කහ භාවිතා කෙරේ. තවද සායම් නිෂ්පාදනයේ දී සහ රෙදිපිළි වර්ණ ගැන්වීමේ දී ද භාවිතා වේ. ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේදී සහ රුපලාවන්‍ය කටයුතු සඳහා වැදගත් අමු ද්‍රව්‍යයක් ලෙස කහ යොදා ගැනේ. එමෙන්ම මෙය මිශ්‍ර විෂබීජ නාශකයක් වන අතර හින්දු භක්තිකයින් ආගමික කටයුතුවලදී බහුලව කහ සහ කha මිශ්‍ර දියර භාවිතා කරයි. මේ අනුව බලන කල අපගේ එදිනෙදා කටයුතු වලදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් ලෙස කහ හැදින්විය හැකිය.
ශ්‍රී ලංකාව කලකට පෙර ප්‍රධාන ආනයනකරුවකු ලෙසසැලකුවද පසුගියවසර කීපය තුල මෙරට සිදු වූ කහ වගාවේ ප්‍රගතිය නිසා ආනයන ප්‍රමාණය අවම ප්‍රමාණයකට පත්විය. කෙසේ වෙතත් 2010 වර්ෂයේ දී වියළි කහ නිෂ්පානය මේ.ටොන් 4,196 ක් ඉන්දියාව, සිංගප්පුරුව, මියන්මාරය සහ චීනය යන රටවලින් ආනයනය කර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 992ක් පමණ වැය වී ඇත. 2010 වර්ෂයේ දී සියළුම කහ නිෂ්පාදන අපනයන පරිමාව මේ. ටොන් 13.3ක් වූ අතර එයින් උපයා ගත විදේශ විනිමය ප්‍රමාණය රුපියල මිලියන 11.2ක් පමණ විය, කහ ආනයනය කිරීමට වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා දේශීය කහ නිෂ්පාදනය තවදුරටත් දිරීමත් කළ යුතු වේ. මේ සඳහා දිවයිනේ වැඩි විභවයක් ඇති තෙත් කලාපය සහ අතරමැදි කලාපය මෙන්ම සාම්ප්‍රදායිකව මෙතෙක් කහ වගා නොකළ දිවයිනේ වෙනත් ප්‍රදේශ එනම් අම්පාර දිස්ත්‍රික්කය වැනි ප්‍රදේශ වල සුදුසු ඉඩම් කහ වගා කිරීම සඳහා යොදාගත හැකිය. කහ වගාව අතුරු බෝගයක් ලෙස බහුවාර්ෂික බෝගවල මුල් කාලයේදී ha පොල් වගාවේ අතුරු බෝගයක් ලෙස තවදුරටත් ප්‍රචලිත කළ හැකිය. ගෙවතු වගාව සඳහා ද උචිත බෝගයක් ලෙස හැඳින්විය හැකිය. මිට අමතරව ජල සම්පාදන තත්ත්ව යටතේ වියළි කලාපයට අයත් ප්‍රදේශ වලද සෙවන සහිතව වගා කළ හැකිය.
No comments:
Post a Comment